රාහුයි කේතුයි වනිතාවයි
එදා අප ශාන්තිනායක බුදුන්වහන්සේගේ දවස දඹදිව ඉතා ලස්සන රූප ස්වභාවයෙන් යුත් තෝරාගත් වනිතාවන්ට තනි විවාහයක් ඇකැප වී තිබූ බවට සාධක ඇත. (අම්භපාලි සුන්දරී පරිබ්‍රාජිකාව) ඇයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගණිකාවක් වීමට සිදුව ඇත. ඒ ඇය පූරුවේ කරන ලද පින් පවු පළදී ඇති ආකාරයය. එසේම විවාහය කිසිදා සාර්ථක නොවූ වනිතාවන් සිට ඇත. (උපක ආජීවකගේ සහ චාපා ගේ විවාහය) විවාහය කෙසේ හෝ කර ගත්තද අකාලයේ සැමියා මියගිය කනවැන්දුම් වූ වනිතාවන් සිට ඇත. (පටාචාරා) කෙතරම් සම්පත් වස්තුව රූප ස්වභාවය බලය තිබුණද යුග දිවියක් ගත කිරීමට වාසනාව නොලද ළඳුන් සිට ඇත. (ජනපද කල්‍යාණිය) තම ස්වාමියා තමා හැර ගොස් මුළු තුන්ලොවටම මගපෙන්වමින් සංසාර ගමනේ කෙලවර දකින උත්තමයෙකු බවට පත්වෙන විට දරුවකු සමඟ හුදකලා වී වැන්දඹු බවට පත්වීමට සිදුවූ වනිතාවන් සිට ඇත. (යසෝදරා දේවිය) එමෙන්ම දරුවෙකු සමඟ වැන්දඹු වීමට සිදුව ඇති ළඳුන් සිට ඇත. (කිසා ගෝතමිය) මෙම චරිත පිළිබඳ සොයා බැලීමේදී උත්පලවණ්නා චරිතය මේ සියල්ලටම වඩා වෙනස් වූවකි. ඇයට පළමුව ලැබූ ස්වාමියා තම මව සමඟ ලෝකාස්වාද රතියෙහි නියෑළෙන බව දැනගන්නට ලැබී කලකිරීමට පත් වීමට සිදුවිය. එම ශෝකයෙන් පිටත්වූ ඇයට ඉන්පසු ජීවත්වීමට ලැබුණේ වෙළෙඳ නායකයෙක් සමඟය. ඉන්පසු ඇයට සිදුවූයේ අදහා ගැනීමටවත් නොහැකි දෙයකි. එම වෙළෙඳ නායකයා දෙවන වර ඇය සිටියදීම ලෝකාස්වාද රතියට කැඳවාගත් තරුණිය තමාගේ පළමු විවාහයේ දුව විය. තවදුරටත් සොයා බැලීමේදී එම වෙළෙඳ නායකයා තමාගේම පළමු විවාහයේ පුතු විය. මේ සංසාර ගමනේ හැටිය. ඒ ඒ ජන්මීන්ගේ පවු පින් පල දෙන අයුරුය. පතාගෙන එන හැටිය.
අද පුවත්පතක් ගත්විට දකින්නට ඇති දේ අනුව අප රටේ තත්ත්වයද මීට නොවෙනස් වන අවස්ථාවන් අත. කිසි හසරැක් නොදැන දෙමාපිය ඇසුරේ හැදුන දරුවන් නොමග ගොස් ගණිකාවන් බවට පත්වේ. විවාහයක් කර ගත්තද එය පවත්වාගෙන යැමට නොහැකිව වැන්දඹු වේ. නොඑසේ නම් කනවැන්දුම් භාවයට පත්වේ. එසේම යුග දිවිය පටන්ගෙන කෙටි කලකින් දරුවෙකු සමඟ හුදෙකලා වීමට ඇතැම් වනිතාවන්ට සිදුවේ. සැතපුම් දහස් ගණන් දුර ස්වාමියා රැකියාවට ගිය පසු හුදෙකලා වීමට තවකෙකුට සිදුවේ. කෙතරම් වස්තුව ධනය, බලය තිබුණද කිසිදා යුග දිවියකට ඇතුළත් වීමට වාසනාව නොලද ළඳුන් ඇත. සමහර බෑනලා නැන්දම්මලා සමඟ එකට ජීවත්වන්නේ දුවගේ පවුල් ජීවිතය ගැන නොසිතන නැන්දම්මලා නිසාය. ඊටත් එහා ගිය අසම්මතයන් ප්‍රසිද්ධ නොවූවාට බොහෝමය. මෙම තත්ත්වය ජ්‍යෙdතිෂයට අනුව විග්රහ කිරීමේදී රාහුට සහ කේතුට ප්‍රධාන තැනක් හිමිවේ.
රාහු සහ කේතු ඡායා ග්රහයින්ය. මෙම ග්‍රහයින් බොහෝවිට ජන්මීන්ට බලපෑම් කරනු ලබන්නේ අනිකුත් ග්‍රහයින් සමඟ සංයෝගවය. මෙම සංයෝගයේදී රවි සහ සඳු සමඟ ස්වභාවයෙන්ම සතුරු තත්ත්වයක් ගනී. අනිකුත් ග්‍රහයින් සමඟ සංයෝග වූ විට ප්‍රතිඵල අති ධාවනකාරීය. සංසාර ගමනේa නවතින නවාතැන්පළවලදී කරනු ලබන පින් පව් අනුව අප වෙත සකස් කර දෙනු ලබන ජන්මපත්රයේ රාහු සහ කේතු උත්පත්තියේදී සිටින ආකාරය සහ අනිකුත් ග්‍රහයින් සමඟ සංයෝගවන ආකාරය අනුව වනිතාවගේ ජීවන ගමන් මග පැවැසිය හැකිය.
1 ලග්නය මේෂ වී 07 වැන්න හෙවත් තුලාවේ ශනිද 11 වැන්න හෙවත් කුම්භයේ සඳු සහ රාහු ද උපතේදී තැන්පත්ව සිටින වනිතාව මුළු ජීවිත කාලය පුරාම අසතුටින් සහ දුකෙන් කාලය ගෙවයි.
2 ලග්නය වෘෂභ හෝ තුලා වී හත්වැන්නෙහි සුභ දෘෂ්ඨි නොලබා රාහු තැන්පත්වී ඇති වනිතාවට ජීවිතයෙන් වැඩි කාලයක් කණවැන්දුම් ලෙස ගෙවන්නට සිදුවේ.
3 සඳු සහ රාහු තුන්වන භවයේද ගුරු අටවන භාවයේද උපතේදී තැන්පත් වනිතාව ලබන දරුවන් පින්වන්තය. පියකරුය වාසනාවන්තය.
4 උපතේදී කුජට හිමි රාශියක කේතු තැන්පත්වීම හෝ කුජ ග්‍රහයා සමඟ කේතු උපතේ දී සංයෝග වී ඇති වනිතාව පුන්‍ය කටයුතු සඳහා නැඹුරුවන වනිතාරත්නයක් බවට පත්වන්නීය.
5 රාහු සහ බුධ හත්වන භාවයේ උත්පත්තියේදී සිටින වනිතාව රටක් වටින ලොවම ගරුකරන ස්වාමියෙකුගේ බිරිඳක් බවට පත්වන්නීය.
6 සිංහ සහ කටක හැර ලග්නනය කුමක් වුවද ලග්නයේම රාහු උත්පත්තියේදී තැන්පත් වනිතාව යහපත් ගෘහනියක් වන්නීය. දෙවැන්නේ රාහු තැන්පත් වනිතාව බුද්ධිමත්ය. එහෙත් නොමඟ යන සුළු වනිතාවක් බවට පත්වන්නීය. 09 වැන්නෙහි රාහු තැන්පත් වී නම් පවට බය නැති පුණ්‍ය කටයුතුවලින් මග හරින අධාර්මික චපල වනිතාවක් වන්නීය.
7 රවි, කුජ බුධ යන ග්‍රහයින් තිදෙනාම හත්වැන්නෙහි රාහු කේතු දෙදෙනාගෙන් කවරෙකු සමඟ සංයෝග වුවද ඇයට නීත්‍යානුකූලව විවාහවීමට ඇති වාසනාව අවම වන අතර අතින් අත මාරුවන චරිතයක් බවට පත්වන්නීය.
8 රාහු 04 වැන්නෙහි උපතේදී තැන්පත්වීම යහපත් විවාහයක් පෙන්වයි. එහෙත් රාහු පීඩා වී නම් තම උරුමයෙන් ලැබුණ සහ තමන් විසින් ඉතිරිකරගත් යම් දෙයක් වේද විනාශයට පත්වී කනගාටුවීමට සිදුවේ. එමනේම විවාහයට පෙර නවාතැනෙහි සතුට සමගිය අහිමිවේ. එහෙත් ලග්නයෙන් 07 වැන්නාධිපති සහ හත්වැන්න ප්‍රබල වී නම් විවාහයෙන් පසු සමගිය සතුට නව කැදැල්ලට එක්කර ගැනීමට මෙම වනිතාව සමත්වන්නීය.
7 රවි කුජ බුධ යන ග්‍රහයින් තිදෙනාම හත්වැන්නෙහි රාහු කේතු දෙදෙනාගෙන් කවරෙකු සමඟ සංයෝග වුවද ඇයට නීත්‍යානුකූලව විවාහවීමට ඇති වාසනාව අවම වන අතර අතින් අත මාරුවන චරිතයක් බවට පත්වන්නීය.
10 රවි කුජ බුධ ගුරු යන ග්‍රහයන් 04 දෙනාම රාහු හෝ කේතු සමඟ 4 වැන්නේ හෝ හත්වැන්නේ උපතේදී තැන්පත් වී නම් එම කාන්තාව කණවැන්දුම් භාවයට පත්වේ.
11 වෘෂභ මිථුන කන්‍ය තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන යන ලග්නවලින් උපත ලත් හත් වැන්නෙහි සෙනසුරුද එකොළොස්වැන්නෙහි සඳු හා රාහුද තැන්පත්ව ජන්මය ලබන වනිතාව තම ජීවිත කාලය පුරාම සතුට සම්පත් භුක්ති විඳිමින් තම ස්වාමියාටද නිරතුරුව සතුට ලබාදෙන වනිතා රත්නයක් වන්නීය.
12 මීන ලග්නයෙන් උපත ලබා එම ලග්නයේම රාහු තැන්පත් වනිතාව ස්වාමියාට ගරු කරයි. පවිත්‍රයි. යුග දිවිය ඉතා වාසනාවන්තයි.
13 ගුරු සිකුරු සමඟ කේතු 04 වැන්නෙහි උපතේදී තැන්පත්වන වනිතාවට ජීවිත කාලය පුරාවටම සියලු පංචකාම සම්පත්තිය විඳීමට වාසනාව ලබා ඇත. තම අවසාන කාලය සියලු ලේ ඥාතීන්ගෙන් සහ සමීපතමයන්ගෙන් වෙන්ව දුර බැහැර ගත කරනු ඇත.
මෙම රාහු කේතු ග්‍රහ සංයෝග පොදුවේ ගත්විට මෙසේ වනිතාව කෙරෙහි බලපාන බව දැක්විය හැකිය. එහෙත් ඒ ඒ ජන්මියා පෙර භවයේ කරන ලද පින්පව් ස්වභාවය අනුව මෙම තත්ත්වය වෙ නස්විය හැකිය. එමෙන්ම අනිකුත් සංයෝග වන ග්‍රහයන්ගේ උච්ච නීච ස්වභාවය මෙන්ම එම ග්‍රහයින් පිහිටි ස්ථානය අනුවත් වෙනස් විය හැකිය. කෙසේ නමුත් ඕනෑම ජන්මියකුට තමන්ගේ කේන්ද්‍ර පරීක්ෂාවකින් පසු අසුභ තත්ත්වයක් පෙනේනම් එය තම සිත පාලනයෙන් වෙනස් කර ගත හැකිය. මිනිස් ආත්මයක් ලැබීමේ එකම වාසියද එයය. ග්‍රහ තරු අපට පාර කියනවා මිස අපව පාලනය නොකරන බව සිතාගැනීම ඉතා වැදගත්ය.
Hadahana Balamu
Saturday, May 9, 2015
පෙර පින් බල ගෙනේ දරුඵල
ඉර හඳ ග්‍රහතරු බලපෑම ඇති සෑම සත්වයකුටම ශාකයකටම තම වර්ගයාගේ පැවැත්ම තහවුරු කිරීමට ඇති සාධකය වන්නේ වර්ගයා බෝ කිරීමයි. එම වර්ගයා බෝ කිරීමේ දී සත්වයා විසින් විවිධ ආකාරයෙන් තම පැටවුන් ලොවට දායාද කරදී තනියෙන් යෑපීමට හැකියාව ලැබෙන තෙක් පෝෂණය කරයි. සමහර සතුන් තම වර්ගයා බෝ කිරීමට බිජු දමා අන් සතකු ලවා පෝෂණය කරවයි. (කොවුලා) තවත් සමහර සතුන් වර්ගයා බෝකරන සතුන් කුඩා කාලයේම මරා දමයි. (පූසන්, බල්ලන්) තවත් සමහර සත්තු වර්ගයා බෝකරන පිරිමි සතුන් කුඩා කලම මරා දමා එක ශක්තිවන්ත නායකයෙක් ස්ත්‍රී රැළට නායකකම් කරයි. (වඳුරා) බොහෝ සතුන් තම පැටවා පෝෂණය කරමින් රැකගනී. ඒ ඔවුන්ගේ සංසාරික පැතුම් සහ කර්මය අනුව සිදුවන්නකි. තම මවු පියන් පෝෂණය කරන සතුන් ලෝකයේ දී දැකිය නොහැකිය.
මිනිසා නමැති උසස් මනසක් ඇති සත්වයාගේ ඉහත ලක්ෂණ අඩු වැඩි වශයෙන් ඇත. දරුවන් ලැබීමට වාසනාව ලද මෙම සත්වයා දරුවා ඉපදීමට පෙරද කුඩා කලද මරා දමති. නැත්නම් කුණු බාල්දිවල දමා යති. මහ වන මැද තනිකර දමති. අපල යෑයි කියමින් නිවසින් පිට ජීවත්වීමට සලස්වති. මේවා අද සමාජයේ පමණක් නොව අප ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ කාලයේත් තිබුණ තත්ත්වයකි. එදා සමාජයේද පියවරුන් නොමැතිව දරුවන් ලැබීම අපකීර්තියක් ලෙස සලකන ලදී. පරදාර සේවනය වසලකමක් ලෙස සැලකුවේය (රජවරුන්ට මෙය බලපා ඇති බවක් පෙනෙන්නට නොතිබේ). දරුවන් නොමැතිවීමද දරුවකු පියකු නොමැතිව ලැබීමද වැරදි ලෙස දකින ලදී. එය ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයටම පොදුය. විටක බුදුරජාණන්වහන්සේටද එවැනි ක්‍රියා බොරුවට හුවා දක්වමින් අපකීර්තියට පත්කරන ලදී. (චිංචි මානවිකාව) දිවි හිමියෙන් තම දරුවා රැක දරුවා මෙලොව හැරගිය විට සිහිවිකල්වූ කතුන් සිට ඇත. (කිසා ගෝතමී) දරුවන් ලැබූවිට දරුවන්ට නොසලකමින් මසුරු කමින් ධනය රැස්කළවූවෝ සිට ඇත (මට්ටකුණ්ඩලීගේ පියා). දරුවන් අමුසොහොනේ දමා ගොස් අසරණ කරන ලද මවුපියන් සිට ඇත. (සුනීත සෝපාක) දරුවන්ට උගත්කම් ලබාදී ශිල්ප ලබාදී දරුවන්ගෙන්ම දුක්විඳ මැරුම් කෑ රජවරු පවා සිට ඇත. (අජාසත්ත චරිතය) දරුවන්ට ශිල්ප ලබා දී යහපත් ගුණ ධර්ම කියා දී සරණ පාවා දුන් මවුපියන් සිට ඇත. (විශාඛා සිටු දියණියගේ කතා වස්තුව) දරුවන්ට කෙසේ දෙමවුපියන් සැලකුවද නොමග ගොස් අන්ත අසරණ වූ දරුවන් සිට ඇත. (පටාචාරා චරිතය) දරුවන් යහපත් දරුවන් කිරීම උදෙසා ශිල්ප හැදැරීමට යෑවූ පසු මිනී මරුවන් බවට පත්වී ඇත. (අංගුලිමාල හිමි චරිතය)
අද සමාජය තුළ මෙම තත්ත්වය අඩු වැඩි වශයෙන් දක්නට ඇත. බුදුන් වහන්සේ එදා දේශනාකරන ලද අෂ්ඨ ලෝක ධර්මය අදටද පොදුය. දුක සැප, යස අයස, නින්දා ප්‍රශංසා, කීර්තිය අපකීර්තිය මිනිස් සමාජය තුළ දරුවන් මගින් මේ සියල්ල දෙමවුපියන්ට ලැබෙන අවස්ථා ඇත. දරුවන් නිසා යස කීර්තිය ප්‍රශංසා සැප ලැබෙන දෙමාපියන් සිටින අතර එහි අනෙක් පැත්ත ලැබෙන දෙමාපියන්ද සිටී. මෙයට බලපානු ලබන්නේ අප සංසාර ගමන නමැති ගමන් කරන මාර්ගයේ දී පෙර භවයන් තුළ කරනු ලබන ගනු දෙනු වලදී කරන ලද පින් සහ පවුය. මේ තත්ත්වය දැනගැනීමට අපේ උපතේ දී සකස් කරනු ලබන ජන්ම පත්‍රය උපකාරී වේ. මෙම සටහනෙහි දැක්වෙන ලග්නයෙන් පස්වන කොටුව හෙවත් පස්වන භාවයද කුටුම්භ ස්ථානය හෙවත් දෙවන භාවයද ලග්නයෙන් තුන්වන භාවයද සැලකිල්ලට ගනු ලැබේ. මෙම සටහනට අනුව දරුවන් අවම කිරීමේ තත්ත්වයන් පෙන්වන්නේ සංසාරයේ දී කරන ලද පින්පවු අනුවය.
1. ජන්මියකුගේ ජන්ම පත්‍රයෙහි පස්වන භාවය තුළ ග්‍රහයන් නොපිහිටා එම භාවය අධිපති ග්‍රහයාද තම රාශිය නොදැක සිටින විට දරුපල හීන වේ.
2. ජන්මියකු උප්පත්තියේ දී තුන්වන භාවය අධිපති ග්‍රහයා පළමුවන භාවයේ දෙවන භාවයේ පස්වන භාවයේ හෝ දොළොස්වන භාවයේ සිටීනම් දරුපල අවම වේ.
3. පස්වන භාවයේ මීන හෝ ධනු රාශිය ලග්නාධිපති හෝ දෙවැන්නාධිපති සමග සිටීනම් එම ජන්මීන්ගේ ද දරුපල හීන වේ.
4. ගුරු ග්‍රහයා තම නීච රාශිය වූ මකරේත් ශුක්‍ර තමන්ගේ නීච රාශිය වූ කන්යාවෙත් බුධ සම රාශියකත් රවි විෂම රාශියකත් සිටියදී මෙලොව එළිය දුටු ජන්මියාට දරු සුරතල් බැලීමේ භාග්‍යය අවම වේ.
5. චන්ද්‍රයා කටක රාශි ගතව පාපයෙන් (රවි කුජ රාහු කේතු) සමග සිටින විට හෝ චන්ද්‍රයා කටක රාශියේ දී ශනි විසින් දකිනු ලබද්දී උපන් ජන්මියාට වයස්ගතවී දරු සෙනෙහස ලැබීමට හැකිය.
6. රවි වෘශ්චික ලග්නයේ පාපයන් සමග සිටියදීද කුජ මිථුනයේ සිටියදීද උපත ලත් ජන්මියාට දරු සුරතල් බැලීමට සිදුවන්නේ ජීවිතයේ මැද භාගයේදීය.
7. වෘශ්චික රාශියෙහි ගුරු ශුක්‍ර දෙදෙනා සහ ලග්නයේ බුධ ශනි දෙදෙනා සමග උත්පත්තිය ලත් ජන්මලාභියාට තමන්ගේම දරුවෙක් නූනත් අන් දරුවකුට දරු සෙනෙහස පා තමන්ගේම දරුවෙක් ලෙස පෝෂණය කිරීමට වාසනාව ලැබේ.
8. ලග්නාධිපති සතුරු ග්‍රහයන් සමග ශනි විසින් දකිනු ලබමින් සිටියදී රවි හයවන භාවයේ හෝ දෙවන භාවයේ උපතේ දී සිටි ජන්මීන්ටද දරුපල හීන වේ.
9. රවි චන්ද්‍ර බුධ යන ග්‍රහයන් විසින් දකිනු ලබන ශනි හයවන භාවයේ හි සිටින අවස්ථාවේ දී ජන්ම ලග්නය පාප ග්‍රහයන් විසින් දකීනම් එම ජන්ම ලාභින්ටද කිසි දිනක තමන්ගේ දරු සුරතල් බැලීමට නොහැකි වන්නේය.
10. පාප ග්‍රහයන් විසින් දකින ලද ජන්ම ලග්නය ඇති රවි ග්‍රහයා මකර කුම්භ රාශි ගතව සිටි පාපයකුගේ නවාංශකයද හිමිව ඇති ජන්මීන්ගේ ද දරු පල හීන වේ.
11. පස්වැන්න අධිපති ග්‍රහයා පාපයකු සමග හත්වන අංශකයේ සිටිත්දී පස්වන රාශියෙහි කුජ ග්‍රහයා උත්පත්තියේ දී සිටිනවානම් ශාරීරික උෂ්ණත්වය අධිකවීම හේතු කොට ගෙන දරුපල අහිමි වේ.
12. හයවන භාවයේත් අටවන භාවයේත් දොළොස්වන භාවයේත් එම භාවය අධිපතීන් සිටිද්දී උපන් ස්ත්රියටද ගුරු සිටින රාශියෙන් පස්වන රාශියේ අධිපති පාපයන් සමග බල රහිතව සංයෝග වී සිටිද්දී ජන්ම ලාභය ලැබූවන්ටද දරුපල අවම වේ.
13. ලග්නාධිපති පාපයන් සමග සිටිද්දී පස්වන භාවය අධිපති අටවන භාවයේ හෝ දොළොස්වන භාවයේ තැන්පත්ව සිටිද්දී රවි පස්වන භාවයේ යෙදී ජන්ම ලාභය ලබන තැනැත්තාටද දරුඵල හීන වේ.
14. රවි කුජ ශනි රාහු දෙවන භාවයේ (කුටුම්භ ස්ථානය) පිහිටා ජන්මය ලැබූවන්ගේ දරුවන් සහ පස්වන භාවයේ බල රහිතව ඉහත පාපයන් සිටින විටදීද ජන්මය ලැබූවන්ගේ දරුවන් කුඩා කල ලෙඩ රෝග හේතුවෙන් දුර්වල වේ.
දරුවෙක් ලබා පෝෂණය කර යහපත් මිනිසකු සමාජයට දායාද කිරීම මගින් කීර්තිය ප්‍රශංසාව ලැබේ. දරුවා යහපත් වූ තරමට ජන්මියාට සැප ගෙනදේ. යසස වැඩේ. දරුවන් නොමැති විවාහක ජන්මීන්ගේ එකම අරමුණ දරුවකු ලබා ගැනීමත් පෝෂණය කිරීමත්ය. එම අරමුණ ඉටුනොවී ළතවන්නෝ බොහෝය. ගුප්ත බලයෙන් දරුවන් ලබා ගැනීම සඳහා වංචාකරුවන්ට දහස් ගණන් මුදල් ලබා දී අතරමං වන්නෝද මේ අතර සිටිති.
දරුවන් නොමැති ඔබ දරු සුරතල් බැලීම සඳහා ආගමානුකූල ජීවිතයක් ගතකළ යුතුය. මේ සඳහා පන්සිල් පද පහවත් හැකි තරම් ආරක්ෂා කර ගත යුතුය. අන් අයට ඊර්ෂ්‍යා නොකළ යුතුය. මෙම දැහැමි ජීවන රටාව සමග ජ්‍යෙdතිෂ නියමයන්ගේ එන ග්‍රහ ශාන්ති කර්මද කළ හැකිය. පිළිගත් ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගත හැකිය. නල දරුවන් වැනි දියුණු බටහිර වෛද්‍ය ක්රමයද තිබේ. මෙවැනි ක්‍රමයකින් හෝ දරුවකු ලබා ගැනීම මිස දරුපල ලබා දෙන වංචාකරුවන් පසුපස යැම අනුවන ක්‍රියාවකි. ඒ ඒ අපලයන්ට අනුව ජ්‍යෙdතිෂයේ ඒ ඒ ග්‍රහ අපල සඳහා පෙන්වන ශාන්ති කර්ම කිහිපයක්ද දැන ගැනීම සඳහා මෙහි සඳහන් කරමි.
1. කේන්ද්‍ර පරීක්ෂාවේ දී ජන්මියාට රවි ග්‍රහයාගේ බලපෑමෙන් දරුපල හීනවන බව පෙනී යන්නේනම් දරුවන් සමග කාලය ගත කිරීමට සැලැස්වීම සුභය. (පෙර පාසල්á ළමානිවාස, පාසල් පංති කාමර ආදියෙහි)
2. කුජ අපලය සඳහා උෂ්ණාධික ආහාර නොගැනීමත් කතරගම දෙවියන්ට බාරවීම සහ පූජා පැවැත්වීම සුභය.
3. කේතු අපලයේ තත්ත්වයක් නම් දුර්ගා දේවියට පුද පූජා තැබීම සුදුසුය.
4. බුධ අපලයන් වේ නම් ශිව පූජාව පැවැත්වීම ඉතා සුදුසුය.
5. ශුක්‍ර අපලයක් හේතුවෙන් නම් ඊශ්වර දෙවියන්ට පූජා පැවැත්වීමත් බාර වීමත් සුදුසුය.
6. චන්ද්‍ර සහ ගුරු අපලයක් හේතුවෙන්නම් ජීවම් කරන ලද නිවැරදි යන්ත්‍ර සුදුසු ලෝහයක බහා පැළඳීම සුදුසු වේ.
7. රාහු අපලයක් හේතුවෙන්නම් කන්‍යාවන්ට දන්දීම සුදුසු වේ.
8. සෙනසුරු අපලයක් හේතුවෙන්නම් වයස්ගත කන්‍යාවන්ට දන්දීම සහ විෂ්ණු දෙවියන්ට බාරවීමත් පූජා පැවැත්වීමත් සුදුසුය.
9. අපගේ ජන ශාන්ති කර්ම වල එන රිද්දි යාගය හෙවත් රටයකුම ශාන්ති කර්මයද දරු සම්පත ඇතිකර ගැනීමටත් ගැබ රැක ගැනීමටත් යොදාගන්නා ලද සාර්ථක මනෝමය නිර්මාණයකි. (මෙම ලිපිය සැකසීම සඳහා ජ්‍යෙdතිෂ සිද්ධාන්තද නිරීක්ෂණද උපයෝගි කර ගන්නා ලදී)
ජී. සමරප්පුලිගේ හෝමාගම

Subscribe to:
Posts (Atom)